ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට වාහන ආනයන තහනම හා සීමා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ.
විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා x පණිවුඩයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කර ඇත.
විදේශ විනිමය සංචිත සැලකිය යුතු ලෙස වර්ධනය වීම සහ රුපියල ශක්තිමත් වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.