මෙම මස 29 වැනිදා සිට නොවැම්බර් මස 25 වැනිදා දක්වා කෙටි කාලයක් සඳහා නව සඳක් පායන බව තාරකා විද්‍යාඥයෝ පවසති. එය 2024 PT 05 ලෙස නම් කර ඇත.

දළ වශයෙන් මීටර් 10ක් පළල මෙම ග්‍රහකය සොයාගනු ලැබුවේ ග්‍රහක භෞමික බලපෑම් අවසන් අනතුරු ඇඟවීමේ පද්ධතිය මගිනි. එහි ප්‍රමාණය, වේගය සහ ගමන් පථය දින 53ක් පෘථිවි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයට හසුකර ගන්නා බව පර්යේෂකයෝ සොයාගෙන තිබේ.

මෙම කාලය තුළ එය සෞරග්‍රහ මණ්ඩලය හරහා නැවත ගමන් කිරීමට පෙර පෘථිවිය වටා කක්ෂගත වනු ඇතැයි ද සඳහන් කරති.

Share.

Comments are closed.