එමීර් රාජ්‍යයේ විරැකියා රක්ෂණය අලුත් කිරීමට SMS හරහා සිහි කැඳවීම් සිදු කරන බව වාර්තා වේ.
එමීර් රාජ්‍යයේ විරැකියා යෝජනා ක්‍රමය යටතේ ඔක්තෝම්බර් 1 වන දින වන විට සේවකයින් ඔවුන්ගේ අනිවාර්ය විරැකියා රක්ෂණය අලුත් කිරීම සිදු කල යුතුයි.

රැකියා අහිමි වන සේවකයින්ට මූල්‍ය සුරක්ෂිතභාවය සැපයීම සඳහා එමීර් රාජ්‍යය විසින් හඳුන්වා දෙන ලද මෙම යෝජනා ක්‍රමයට සුදුසුකම් ඇති සියලුම සේවකයින් නියමිත වේලාවට ලියාපදිංචි වී ඔවුන්ගේ රක්ෂණය අලුත් කිරීම අවශ්‍ය වේ. එමීර් රාජ්‍යයේ මානව සම්පත් සහ එමිරාතිකරණ අමාත්‍යාංශයට අනුව, ඔක්තෝම්බර් පලමු දා වන විට මෙම නීතියට අනුකූල වීමට අපොහොසත් වන අයට ඩිරාම් 400 ක දඩයකට මුහුණ දීමට සිදුවනු ඇත.

ILOE යෝජනා ක්‍රමය යටතේ, එමීර් රාජ්‍යයේ ෆෙඩරල් රජයේ සහ පෞද්ගලික අංශයේ සේවය කරන සියලුම සේවකයින් ලියාපදිංචි විය යුතුයි. ස්වයං ව්‍යාපාර කළමනාකරණය කරන ආයෝජකයින් සහ ව්‍යාපාර හිමිකරුවන්, ගෘහ සේවිකාවන්, තාවකාලික සේවකයන්, වයස අවුරුදු 18ට අඩු බාල වයස්කරුවන් සහ නැවත ශ්‍රම බලකායට ඇතුළත් වූ විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමිකයන් ඇතුළු ඇතැම් කණ්ඩායම් මෙම අවශ්‍යතාවයෙන් නිදහස් වේ.

ILOE යෝජනා ක්‍රමය සැලසුම් කර ඇත්තේ සේවකයන්ට රැකියා අහිමි වූ විට ඔවුන්ට සහාය වීමට, නව රැකියාවකට මාරු වීමට ඔවුන්ට උපකාර කිරීම සඳහා සීමිත කාලයක් සඳහා මූල්‍ය ආධාර සැපයීම සඳහාය.

Share.

Comments are closed.