වංචනිකව ඡන්දය ප්‍රකාශ කරනු ලබන පුද්ගලයින්ට නියම කරන දඩ මුදල රුපියල් ලක්ෂ 02 ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම චෝදනාව සඳහා වරදකරුවන් වන පුද්ගලයන්ට වසරකට නොවැඩි කාලයක සිරදඬුවමක් ද නියම කල හැකිය.
2023 අංක 23 දරණ මැතිවරණ විශේෂ විධිවිධාන පනත යටතේ අදාළ නීති තර කර තිබේ.

මීට පෙර වංචනිකව ඡන්දය ප්‍රකාශකරන පුද්ගලයකුට නියම කල දඩ මුදල රුපියල් 500කි.

Share.

Comments are closed.