ලෙබනනයේ සිදුව ඇති පිපිරීම් මාලාවකින් පුද්ගලයන් 09 දෙනෙකු මියගොස් 3,000කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා දක්වයි.

තුවාල ලැබූ 200කගේ පමණ තත්ත්වය බරපතළ බවත් සඳහන්ය. බීරූට් අගනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවක මෙම පිපිරීම් මාලාව සිදුව ඇති අතර හිස්බුල්ලා සංවිධානය චෝදනා කරන්නේ මෙම පිපිරීම් ඊශ්‍රායල් ආරක්ෂක අංශ විසින් සිදුකරඇති බවටයි.

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය පණිවුඩ හුවමාරුවට යොදා ගන්නා පණිවුඩ හුවමාරු යන්ත්‍ර එකවර පුපුරා යෑමෙන් මෙම අනතුර සිදුව ඇත.

හිස්බුල්ලා ජ්‍යෙෂ්ඨ නායකයෙකු ඇතුළු සාමාජිකයින් රැසක් ඉන් මිය ගොස් ඇති බවත් ඇතැම් වාර්තාවල දැක්වේ.

Share.

Comments are closed.