ජනාධිපතිවරණයෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවීම සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු විසුරුවන්නේද නැති නම් ඉක්මන් අයවැයක් සකස් කරන්නේද යන්න සාකච්ඡා කිරීමට අවශ්‍ය බවයි.

කෙසේ හෝ අයවැය ඉදිරිපත් නොකර ඉදිරියට යාමට නොහැකි බවත් ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බවද හෙතෙම කියා සිටියේය.

Share.

Comments are closed.