ඩුබායි උත්සව සහ සිල්ලර වෙළඳ ආයතනය විසින් (DFRE) ඩුබායි ශොපින් ෆෙස්ටිවල් හි (DSF) 30 වන අදියර නිල වශයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

2024 දෙසැම්බර් 6 සිට 2025 ජනවාරි 12 දක්වා දිවෙන මෙම වසරේ උත්සවය දින 38ක නොනවතින උද්යෝගයෙන් සහ විනෝදාස්වාදයෙන් විහිදී ගිය වඩාත් විශේෂ උත්සවයක් ලෙස සකසා ඇත.

1996 දී අරඹන ලද ඩුබායි ශොපින් ෆෙස්ටිවල් (DSF), ගෝලීය වශයෙන් ජනප්‍රියත්වයට පත් ඩුබායි හි අභිලාෂය ප්‍රදර්ශන කරන පලමු සාප්පු සැණකෙළිවලින් එකකි. එය වර්තමානයේදී දීර්ඝතම වෙළඳ  සැණකෙළිය ලෙස පවතී. ලොව පුරා සිටින සංචාරකයින් මේ සඳහා සම්බන්ධ වෙති.

30 වන අදියර යටතේ ගීත ප්‍රසංග, ආලෝක සංදර්ශන, රාත්‍රී මල්වෙඩි සංදර්ශන, ඩ්‍රෝන් සංදර්ශන ඇතුළු බොහෝ දේ දැක ගත හැකිය. දේශීය සහ ජාත්‍යන්තර සන්නාම 1,000 කට අධික සංඛ්‍යාවක් මේ සඳහා සහභාගී වන අතර, පැමිණෙන්නන්ට මෙතෙක් දුටු විශාලතම සාප්පු සවාරි ගනුදෙනු අපේක්ෂා කළ හැකි බව වාර්තා වේ.

Share.

Comments are closed.