ජනාධිපතිවරණයට අදාළ නිහඬ කාල සීමාවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ සොයා බැලීමට මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ කණ්ඩායමක් යොදා ඇති බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් පියුමි ආටිගල මෙනෙවිය පැවැසුවා ය.

පස් දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායම සහ නිරීක්ෂණ සංවිධාන මගින් ලබා දෙන වාර්තාවන් අනුව සමාජ මාධ්‍යයෙන් ප්‍රචාරය වන දුස් තොරතුරු ඉවත් කර දමන බව ඇය ප්‍රකාශ කළා ය.මේ අතර, ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන තුළ ජංගම දුරකතන භාවිතය තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

අදාළ ස්ථානයන් ඡායාරූප ගැනීම, වීඩියෝ කිරීමෙන් වැළකී සිටිය යුතු බව සඳහන් වේ.

එම ස්ථාන තුළ අවි ආයුධ සන්තකයේ තබා ගැනීම, දුම් පානය, මත්පැන් පානය සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කිරීම තහනම් බව අදාළ සියලු පාර්ශ්ව වෙත මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වේ.

Share.

Comments are closed.