Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»2024 - Presidential Election SL»ජනාධිපතිවරණයට සියල්ල සූදානම්
2024 - Presidential Election SL

ජනාධිපතිවරණයට සියල්ල සූදානම්

kumudikaBy kumudikaSeptember 20, 2024Updated:September 20, 2024No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ 9 වැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා තෝරා ගැනී­මට අදාළ 2024 ජනා­ධි­ප­ති­ව­රණ ඡන්ද විම­සීම හෙට (21) පැවැ­ත්වී­මට අදාළ සියලු කට­යුතු සූදානම් බව මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­පති ආර්.එම්.ඒ.එල්. රත්නා­යක මහතා පැව­සීය.

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා ලියා­ප­දිංචි සමස්ත ඡන්ද­දා­ය­ක­යන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක්ලක්ෂ හත­ළි­ස්ද­හස් තුන්සිය පනස් හත­රක් වන අතර හෙට (21) ජන­තාව දිව­යින පුරා මධ්‍ය­ස්ථාන රැස­කදී ඡන්දය ප්‍රකාශ කිරී­මට සූදා­නම්ව සිටින අතර ඊට අදාළ සියලු කට­යුතු සූදා­නම් කර ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිල­ධා­රීන් දැනුම් දී ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැව­සුවේ ජනා­ධි­ප­ති­ව­ර­ණය සම්බ­න්ධ­යෙන් මාධ්‍ය දැනු­ම්වත් කිරී­මට අදා­ළව රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තු­වේදී පැවති විශේෂ මාධ්‍ය හමු­වට ඊයේ (19) එක්වෙ­මිනි.

එහිදී ඒ මහතා පැව­සුවේ ඡන්ද කොට්ඨාස මට්ට­මින් පිහි­ටුවා ඇති සියලු ඡන්ද කාර්යාල ඉවත් කිරී­මට ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියා­ත්මක වන පරිදි කට­යුතු කර ඇති බවයි.

ඒ අනුව ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට විවෘ­තව තැබිය හැකි වන්නේ සෑම දිස්ත්‍රි­ක්ක­ය­කට එක් ප්‍රධාන කාර්යා­ල­යක් සහ සෑම පැරණි ආස­න­යක්   සඳ­හාම එක් කාර්යා­ල­යක් පම­ණක් බවය.

මීට පෙර පිහි­ටුවා තිබූ අනෙ­කුත් සියලු කාර්යාල අදාළ අපේ­ක්ෂ­ක­යන් විසින් ඉවත් කර­ගත යුතු බවත් ඔවුන් එසේ ඉවත් කර නොග­ත­හොත්     පොලි­සිය හරහා ඒවා ඉවත් කිරී­මට සිදු වන බවත් හෙතෙම තවදුරටත් කීවේය.

එමෙන්ම ඡන්දය ප්‍රකාශ කරන මධ්‍ය­ස්ථාන තුළ සහ ඒ අවට මැති­ව­රණ නීති කඩ කර­න්නන්ට එරෙ­හිව දඬු­වම් ලබා දෙන බවත් කීවේය. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට අදාළ තැපැල් ඡන්ද ගණන් කිරීම හෙට (21) පස්වරු 4.15ට පමණ ආරම්භ කිරී­මට කට­යුතු කරන බවත් ගණන් කිරීම අව­සා­නයේ අදාළ  ප්‍රතිඵල ලැබුණු පසු ඒවා මාධ්‍ය­යට මුදා හැරී­මට කට­යුතු කරන බවත් පැව­සු­වේය.

එමෙන්ම නිල ප්‍රති­ඵ­ලය ලැබෙ­න­තෙක් නිල නොවන ප්‍රති­ඵල නිකුත් කිරී­මෙන් වැළකී සිටින ලෙස ද සියලු දෙනා­ගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද කීවේය.

තවද ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා නිවැ­ර­දිව තම මනා­පය සල­කුණු කළ යුතු ආකා­රය ද පැහැ­දිලි කර­මින් ඒ මහතා පැව­සුවේ එක් අපේ­ක්ෂ­ක­ය­කුට තම ඡන්ද­යත් අන­තු­රුව තවත් අපේ­ක්ෂ­ක­යන් දෙදෙ­න­කුට දෙවැනි හා තුන්වැනි මනා­ප­යත් ඡන්ද පත්‍රි­කාවේ සල­කුණු කිරී­මට හැකි­යාව පව­තින බවයි.

එහිදී තමන් කැමැති අපේ­ක්ෂ­ක­යාට ඡන්දය ප්‍රකාශ කිරී­මට අවශ්‍ය නම් එම අපේ­ක්ෂ­ක­යාගේ නම හා ලකුණ ඉදි­රි­යෙන් ඇති කොටසේ අංක 1 ලෙස ඉල­ක්ක­මෙන් ලකුණු කළ යුතු බව කීවේය. අන­තු­රුව අංක 2 හා 3 ඉල­ක්කම් සල­කුණු කර තමන් කැමැති වෙනත් අපේ­ක්ෂ­ක­යන් දෙදෙ­න­කුට දෙවන හා තෙවන මනාප ලබා­දිය හැකි බව ද පැව­සු­වේය. එසේ නැතිව එක් අය­කුට පම­ණක් වුවද තම ඡන්දය භාවිත කළ හැකි බවත් හෙතෙම කීවේය.

කිසිම අපේ­ක්ෂ­ක­ය­කුට ඡන්දය සල­කුණු කර නැති විට, එක් අපේ­ක්ෂ­ක­ය­කුට වඩා වැඩි සංඛ්‍යා­වක් වෙනු­වෙන් ඡන්දය සල­කුණු කර ඇති විට, එක්   අපේ­ක්ෂ­ක­ය­කුට 1 හා තවත් අපේ­ක්ෂ­ක­ය­කුට    කති­රය සල­කුණු කර ඇති විට, දෙවැනි මනා­පය හෝ තුන්වැනි මනා­පය පම­ණක් සල­කුණු කර ඇති විට, ඡන්ද­දා­ය­කයා පහ­සු­වෙන් හඳුනා ගැනී­මට යමක් ලියා ඇත්නම් හෝ ඇඳ ඇති විට, 1 හැර වෙනත් සල­කු­ණක් සමඟ 2, 3 මනාප ලකුණු කර ඇති විට, 1, 2, 3ට වඩා ඡන්දය සහ මනාප ලකුණු සල­කුණු කර ඇති විට ඒ සියලු ඡන්ද පත්‍රිකා         ප්‍රති­ක්ෂේප වන මනාප ලෙස සල­කනු ලබන බවත් කීවේය.

මීට අම­ත­රව ඡන්දය දැමී­මට පෙර අන­න්‍ය­තාව තහ­වුරු කර ගැනීම සඳහා වලංගු හැඳු­නු­ම්පත, පැරණි හැඳු­නු­ම්පත වලංගු බවත් විදේශ ගමන් බල­ප­ත්‍රය, වලංගු රියැ­දුරු බල­ප­ත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රා­මික හැඳු­නු­ම්පත, පැරණි හෝ ඊ හැඳු­නු­ම්ප­තද වලංගු බවත් හෙතෙම කීවේය. ඒ වගේම අපැ­හැ­දිලි හැඳු­නු­ම්පත්, නව ජාතික හැඳු­නු­ම්ප­තක් ඉල්ලුම් කිරී­මේදී නිකුත් කරන ලද කුවි­තා­න්සිය ආදි ඡායා­රූප සහිත හෝ රහිත වෙනත් කිසිදු ලිය­වි­ල්ලක් ඡන්ද­පො­ළේදී පිළි නොගන්නා බවත් කීවේය.

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට අදා­ළව මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැ­බුණු ඡන්ද­දා­ය­ක­යන්ට මැති­ව­රණ කොමි­ෂන් සභාවේ නිල වෙබ් අඩ­වි­යට පිවි­සී­මෙන් සිය නිල ඡන්ද දැන්වීම් පත්‍රි­කාවේ පිට­ප­තක් ලබා­ගැ­නීමේ හැකි­යාව පව­තින බව ද මෙහිදී ඒ මහතා කීවේය.

ඊට අම­ත­රව තම ප්‍රදේ­ශයේ තැපැල් කාර්යා­ල­යෙන් ද නිල ඡන්ද දැන්වීම් පත්‍රි­කාව ලබා ගැනීමේ හැකි­යාව පව­තින බව සභා­ප­ති­ව­රයා පැව­සීය.

ඔහු තව­දු­ර­ටත් පැව­සුවේ ඡන්දය දැමීම සඳහා පැමි­ණෙන අව­ස්ථා­වේදී ජංගම දුර­ක­තන රැගෙන ඒමෙන් වළ­කින ලෙසත් ඡන්දය දැමී­මෙන් පසු සාම­කා­මීව නිවෙ­සට වී සිටින ලෙසත් ඔහු වැඩි­දු­ර­ටත් කීවේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඡන්දය ලකුණු කිරීම පිළිබඳ මැතිවරණ කොමිෂමෙන් ජනතාවට නිවේදනයක්
Next Article තවත් ඩොලර් බිලියන 17.5 ක සහන ණයක් ශ්‍රී ලංකාවට
kumudika

Related Posts

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.