Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»තවත් ඩොලර් බිලියන 17.5 ක සහන ණයක් ශ්‍රී ලංකාවට
Sri Lankan news

තවත් ඩොලර් බිලියන 17.5 ක සහන ණයක් ශ්‍රී ලංකාවට

kumudikaBy kumudikaSeptember 20, 2024Updated:September 20, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2023 වසර අව­සන් වන විට පැවති මෙරට අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 17.5ක (කෝටි 1750ක) පමණ විදේ­ශීය වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ප්‍රති­ප­ත්ති­මය එක­ඟ­තා­ව­කට රජය ඊයේ (19) එළැ­ඹිණි. ජාත්‍ය­න්තර ආයෝ­ජ­කයන් නියෝ­ජ­නය කරන බැඳු­ම්කර හිමි­යන්ගේ තාව­කා­ලික කණ්ඩා­යම (Ad Hoc Group of Bondholders – AHGB) සහ දේශීය මූල්‍ය ආය­තන නියෝ­ජ­නය කරන ශ්‍රී ලංකාවේ දේශීය සමූ­හය (Local Consortium of Sri Lanka – LCSL) සමඟ සිදු කළ සාකච්ඡා හරහා මෙම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳු­ම්කර හිමි­යන් සමඟ එක­ඟ­තාව ඇති කර­ගෙන තිබේ.

මෙරට ස්වෛරීත්ව බැඳු­ම්ක­ර­ව­ලින් 50%කට වඩා වැඩි ප්‍රමා­ණ­යක් මෙම කණ්ඩා­යම් දෙක සතු වේ. මෙම එක­ඟතා යටතේ, 11%ක වට්ටම් අනු­පා­ත­යක් මත පද­නම්ව 40.3%ක වර්ත­මාන අග­යක (Net Present Value) සඳහා සහ­න­යක් ලබා­දී­මට බැඳු­ම්කර හිමි­යන් එකඟ වී තිබේ.

මෙම එක­ඟතා මඟින් 2024 ජූලි මස ස්ථාපිත කරන ලද ඒකා­බද්ධ ක්‍රියා­කාරී රාමු­වට වඩා ශ්‍රී ලංකා­වට විශාල ණය සහ­න­යක් හිමි වන අතර, නව කොන්දේසි­වල දක්වා ඇති පරිදි පොලී ගෙවී­ම්වල ද අම­තර අඩු කිරී­මක් සිදු වේ.

ශ්‍රී ලංකාව දළ වශ­යෙන් අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 3.3ක පමණ ස්වෛරීත්ව ණය ප්‍රති­ව්‍යූ­හ­ගත කිරී­මට අදාළ ප්‍රධාන මූල්‍ය කොන්දේසි පිළි­බඳ චීන සංව­ර්ධන බැංකුව (CDB) සමඟ ප්‍රති­ප­ත්ති­මය වශ­යෙන් එක­ඟ­තා­ව­කට ද එළැඹී තිබේ.

චීනයේ එක්සිම් බැංකුව, ශ්‍රී ලංකාවේ නිල ණය හිමි­යන්ගේ කමි­ටුව (OCC), චීන සංව­ර්ධන බැංකුව (CDB) සහ බැඳු­ම්කර හිමි­යන් සමඟ ඇති කර­ගත් ගිවි­සු­ම්වල ප්‍රති­ඵ­ල­යක් ලෙස, ජාත්‍ය­න්තර මූල්‍ය අරමු­දල සමඟ වන වැඩ­ස­ට­හන් කාල සීමාව තුළදී ශ්‍රී ලංකා­වට අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 17කට අධික ණය සේවා සහ­න­යක් හිමිව ඇත. මීට චීනයේ එක්සිම් බැංකුව වෙතින් ආසන්න වශ­යෙන් අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 2.4ක්, නිල ණය හිමි­යන්ගේ කමි­ටුව වෙතින් අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 2.9ක්, චීන සංව­ර්ධන බැංකුව (CDB) වෙතින් අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 2.5ක් සහ බැඳු­ම්කර හිමි­ය­න්ගෙන් අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 9.5ක් ඇතු­ළත් වේ.

මෙම ක්‍රියා­ව­ලිය පුරා­වට ශ්‍රී ලංකාවේ සියලු ණය හිමි­යන් මෙන්ම ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සහ නිල ණය හිමි­යන්ගේ කමි­ටුවේ ලේකම් කාර්යා­ලය (OCC Secretariat) මඟින් ලබා­දුන් අඛණ්ඩ සහ ඵල­දායී සහ­යෝ­ගය වෙනු­වෙන් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා සිය ස්තූතිය සහ ප්‍රශං­සාව පළ කළේය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජනාධිපතිවරණයට සියල්ල සූදානම්
Next Article ඡන්ද පෙට්ටි සහ නිලධාරීන් මධ්‍යස්ථාන කරා පිටත් කර හරියි
kumudika

Related Posts

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.