ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ නාමල් රාජපක්ෂ මහතා අන්ත පරාජයක් හිමි කරගන්නා බවට විශ්වාසදායී සමීක්ෂණ වාර්තා ඔස්සේ හෙළිවීමත් සමඟ බැසිල් රාජපක්ෂ මහතා විදෙස් ගත වී ඇති බව වාර්තා වේ.

අද අළුයම එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් බැසිල් රාජපක්ෂ මහතා රටින් පිටව ගොස් ඇත්තේ නාමල් රාජපක්ෂ මහතාටද දැනුම් දීමකින් තොරවයි.

ඔහු එමිරේට් ගුවන් යානාවකින් අද අලුයම ඩුබායි බලා පිටත්ව ගොස් ඇත්තේ කටුනායක ගුවන්තොටුපලේ රන් මාවත පර්යන්ත පහසුකම ද අදාළ මුදල් ගෙවා ලබා ගනිමිනි.

ඩුබායි වෙත යාමෙන් අනතුරුව ඒ මහතා ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය.

Share.

Comments are closed.