එමිරේට්ස් සෞඛ්‍ය සේවයෙන් (EHS) විසින් Spot Vision Screener ලෙස හඳුන්වන ළමුන්ගේ පෙනීමේ ගැටළු කල්තියා හඳුනාගැනීම සඳහා නව්‍ය මෙවලමක් හඳුන්වා දී ඇත.

මෙම මුලපිරීම ළමා සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සහ දරුවන්ට උසස් තත්ත්වයේ රැකවරණයක් ලබා ගැනීම සහතික කිරීම අරමුණු කරයි.

මාස හයේ සිට අවුරුදු පහ දක්වා ළමුන් සඳහා නිර්මාණය කර ඇති Spot Vision Screener මගින් විවිධ අක්ෂි තත්ත්වයන් සඳහා වේගවත් හා නිරවද්‍ය පරීක්‍ෂණයක් ලබා දේ. එය EHS ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන 20 කදී සාමාන්‍ය පරීක්‍ෂාවන් වලදී භාවිත කෙරේ. මෙම උපකරණයට ලඟ පෙනීම, දුර පෙනීම, ඇතුළු විවිධ අක්ෂි රෝග තත්පර කිහිපයකින් හඳුනා ගත හැක.

EHS හි ප්‍රාථමික සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය Kareema Alraesi අවධාරණය කළේ මෙම තාක්‍ෂණයෙන් EHS හි තිරසාර සෞඛ්‍ය සේවාවේ කැපවීම පිළිබිඹු වන බවයි.

මෙම තාක්ෂණය භාවිතා කිරීමෙන් දරුවන්ගේ දිගුකාලීන පෙනීමේ ගැටළු වළක්වා ගැනීමට හැකියාව පවති.

Share.

Comments are closed.