ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 63කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූහ.

තරගයේ කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 305 ක් රැස් කළ අතර, නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 340 කි.

අනතුරුව දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 309 ක් ලබාගත් අතර ජයග්‍රහණය සඳහා ලකුණු 275 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම තරගය ආරම්භ කර මිනිත්තු 15 කට අඩු කාලයකදී ලකුණු 211 කට දැවී යාම විශේෂත්වයකි.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් ලකුණු 114 ක් රැස් කළ අතර ප්‍රභාත් ජයසූරිය කඩුලු 5ක් දවාගැනීම ශ්‍රී ලංකා ජය තහවුරු කලේය.

තරග 2 කින් යුත් තරගාවලියේ දෙවන තරගය එළඹෙන බ්‍රහස්පතින්දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේම ආරම්භ වීමට නියමිතය.

Share.

Comments are closed.

Exit mobile version