මෙවර ජනාධිපතිවරණයේදි ලක්ෂ 35 අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙවර ජනාධිපතිවරණයේදී සමස්ත ඡන්ද දායකයින්ගෙන් 79%ක් පමණ ඡන්දය ප්‍රකාශ කර තිබේ.

2019 ජනාධිපතිවරණයේදී 83%ක් ඡන්දය ප්‍රකාශකල බව එම කොමිෂන් සභාව පවසයි.

මේ අතර මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයින් 35 දෙනෙකුගේ ඇප මුදල් රාජ සන්තක වන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

12.5% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඇප මුදල් එලෙස රාජ සන්තක වන බව පැවසීය.

Share.

Comments are closed.

Exit mobile version