ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් මහජන සෞඛ්‍ය හදිසි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇති වඳුරු උණ හෙවත් ‘mpox’ හි නව ප්‍රභේදය අසල්වැසි ඉන්දියාවට ද ව්‍යාප්තව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ‘mpox – clade 1b’ ලෙස හැඳින්වෙන එහි, පළමු ආසාදිතයා පිළිබඳව ඉන්දියාව නිවේදනය කර ඇති බව සඳහන් වේ.

එම ආසාදිතයා ඩුබායි සිට පැමිණි කේරළයේ මලප්පුරම් හි 38 හැවිරිදි පුද්ගලයෙකු බව වැඩිදුරටත් සඳහන්ය.
ආසාදිතයා රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවන අතර එම පුද්ගලයා ඇසුරු කළ අය සොයා බලා නිරීක්ෂණය කරමින් සිටින බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කර තිබුණේය.

වඳුරු උණ හෙවත් ‘mpox’, වේදනාකාරී සමේ තුවාල ඇති කරන බෝවන වෛරසයකි. වඳුරු උණ සේ ම එහි නව ප්‍රභේදය ද සොයාගනු ලැබුවේ අප්‍රිකා කලාපයෙනි. පසුව එය ස්වීඩනය, තායිලන්තය සහ පාකිස්තානය ඇතුළු අප්‍රිකානු මහාද්වීපයෙන් පිටත රටවලට ද ව්‍යාප්ත වීම සිදුවිය.

ඒ අනුව මීට ඉහත mpox ආසාදිතයින් පිළිබඳව ඉන්දියාවෙන් වාර්තා වුවත්, වෛරසයේ නව ප්‍රභේදය සම්බන්ධයෙන් වාර්තා වූ පළමු අවස්ථාව වන්නේ මෙයයි.

Share.

Comments are closed.

Exit mobile version