තක්සේරු වර්ෂයට අදාළ සියලුම ආදායම් බදු මුදල් ලබන සඳුදා (30) හෝ ඊට පෙර ගෙවා අවසන් කළයුතු බව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පැවසූවාය.

යම් තැනැත්තෙක් නොගෙවන හෝ ප්‍රමාද වී ගෙවන ආදායම් බදු වෙනුවෙන් නීති ප්‍රකාරව දණ්ඩනයකට සහ පොළීයකට යටත් වීමට සිදුවනු ඇති.
ඕනෑම බදු වර්ගයක් සඳහා යම් තැනැත්තෙකු විසින් ගෙවිය යුතු බදු මුදල් නොගෙවා සිටීමෙන් ඇතිවූ හිග බදු පවතීනම් ඒ සියල්ල ලබන සඳුදාට හෝ ඊට පෙර ගෙවා අවසන් කළ යුතුය.

සඳුදාට පසුව තවදුරටත් නොගෙවා සිටින හිග බදු තිබේ නම් ඒවා අයකර ගැනීමට දේශීය ආදායම් පනතේ සඳහන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පැවසුවාය.

ඒ පිළිබඳ 1944 ක්ෂනික දුරකථන අංකය මගින් හෝ ආසන්නතම දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්‍යාලයෙන් ලබාගත හැකි බව වැඩිදුරටත් පැවසුවාය.

Share.

Comments are closed.

Exit mobile version