වහාම ක්‍රියාත්මක වන පරිදි ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා බී. එම්. ඩී. නිලුෂා බාලසූරිය මහත්මිය පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස සේවය කළ අයි. එස්. එච්. ජේ. ඉලුක්පිටිය මහතා සැප්තැම්බර් 25 වනදා සිට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කිරීම මෙම පත් කිරීමට හේතුවයි.

නිලුෂා බාලසූරිය මහත්මිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස දැනට සේවය කරනු ලැබේ.

මහජන ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.

Share.

Comments are closed.

Exit mobile version