ඊශ්‍රායලය දෙසට ඉරානයෙන් මිසයිල ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල හමුදාව පවසා සිටියි.
මේ වන විටත් සියලුම ඊශ්‍රායල සිවිල් වැසියන් බෝම්බ ප්‍රහාරවලින් ආරක්ෂා වන ස්ථානවල රඳවා ඇත.

ඊශ්‍රායලය පුරා සයිරන් නාද සංඥා නිකුත් කරමින් තිබේ. බැලැස්ටික් මිසයිල 180 ක් පමණ ඉරානයෙන් ප‍්‍රහාර එල්ල කර ඇතත් ඊශ්‍රායල මිසයිල ආරක්ෂක පද්ධතිය මගින් ඒවා වලක්වා ඇත.

මිසයිල කීපයක් ඊශ්‍රායලයට පතිත ව ඇතත් එයින් සැලකිය යුතු හානියක් සිදුව නැති බව වාර්තා වේ.
මිසයිල ප‍්‍රහාර එල්ල කරන ලද බව ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය තහවුරු කර තිබේ.

Share.

Comments are closed.

Exit mobile version