Winter District ඩුබායි වෙත නැවත පැමිණ ඇත. 2024 දෙසැම්බර් 14 සිට 22 දක්වා, ඩුබායි මීඩියා සිටි ඇම්ෆිතියටර්හිදී මෙම Winter District සැණකෙළිය ආරම්භ වේ.

මෙම උත්සවය ඩුබායි හි උත්සව සමයේ කැපී පෙනෙන ඉසව්වක් ලෙස සැලකේ.
Winter District වෙළඳපොළට දේශීයව සාදන ලද විවිධ දෑ අඩංගු වේ. මෙම උත්සව සමයේ
සාප්පු සවාරි වලට අමතරව විවිධ ආහාර සහ බීම වර්ග පිරිනමනු ඇත. Joe & The Juice’s Rolling Joe ට්‍රක් රථයේ සිට ෆ්‍රීඩම් පීසා දක්වා සහ Fade Fit වෙතින් සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර දක්වා, සෑම රසයක්ම මෙහි අන්තර් ගතය. JA Resorts & Hotels වැනි උත්සව හවුල්කරුවන් ද සුඛෝපභෝගී ආගන්තුක සත්කාර සහ බීම විවේකාගාරය ඇතුළු විශේෂ අංග ගෙන එනු ඇත.

මෙම උත්සව භුමියේදී Santa’s Grotto හි නත්තල් සීයා සමඟ කැරොල් වාදන, මුහුණු පින්තාරු කිරීම, කලා සහ අත්කම්, හිම ක්‍රීඩා කරන ස්ථානයක් වැනි විනෝද ක්‍රියාකාරකම් කිරීමට දරුවන්ට ඉඩ ඇත.

Share.

Comments are closed.

Exit mobile version