Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය ගැනීමට ඉන්දියාවට රටවල් රැසක සහය
World news

ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය ගැනීමට ඉන්දියාවට රටවල් රැසක සහය

kumudikaBy kumudikaOctober 3, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා 79 වැනි මහා මණ්ඩල සැසියේදී ලෝක රාජ්‍ය නායකයන් රැසක් සහාය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකාවේ නිව්යෝක් නුවර පසුගියදා පැවැති එක්සත් ජාතීන්ගේ 79 වැනි මහා මණ්ඩල සැසියේදී ඉන්දියාවට සහාය පළ කළ රටවල් අතර ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයන් වන රුසියාව, අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ද සිටින බව වාර්තා වේ.

වසර 1945දී පිහිටුවනු ලැබූ නිත්‍ය සාමාජිකයන් 5 දෙනකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට දෙවසරකට වරක් නිල නොවන සාමාජිකයන් 10 දෙනකු ද පත්වන අතර, ඉන්දියාව එහි නිත්‍ය සාමාජිකත්වය ඉල්ලා හඬ නඟමින් සිටින්නේ දශක ගණනාවක සිටය. අවසන් වරට 2021-22 කාලසීමාවේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිල නොවන සාමාජිකයකු ලෙස කටයුතු කළ ඉන්දියාවට එහි නිත්‍ය අසුනක් ලබා දිය යුතු බවට පෘතුගාලය, ඇන්ගෝලාව ඇතුළු රටවල් ද සහාය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

අප්‍රිකාව, ලතින් අමෙරිකාව, මැදපෙරදිග සහ ආසියාව නියෝජනය කිරීමට ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයන් සංඛ්‍යාව වැඩි කළ යුතු බවත්, ලබන වසරට නියමිත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 80 වැනි සංවත්සරයේදී අවම වශයෙන් ඉන්දියාවට, බ්‍රසීලයට සහ තෝරාගත් අප්‍රිකානු රටකට ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය පිරිනැමිය යුතු බවට චිලී ජනාධිපති ගේබ්‍රියෙල් බොරික් යෝජනා කර ඇතැයි ද සඳහන් ය.

Asia Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleරජයට කෝටි 500 ක බදු අහිමි කල සුඛෝපභෝගී වාහන වංචාවක් හෙළි වෙයි
Next Article ලෝක හරිත ආර්ථික සමුළුව එමීර් රාජ්‍යයේදී
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.