Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»රජයට කෝටි 500 ක බදු අහිමි කල සුඛෝපභෝගී වාහන වංචාවක් හෙළි වෙයි
Sri Lankan news

රජයට කෝටි 500 ක බදු අහිමි කල සුඛෝපභෝගී වාහන වංචාවක් හෙළි වෙයි

kumudikaBy kumudikaOctober 3, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට වංචා කරමින් සුඛෝපභෝගි මෝටර් රථ 200ක් හොර රහසේ මෙරටට ආනයනය කිරීමට සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියෝග කළේය.

මෙසේ ආනයනය කළ සුඛෝපභෝගි වාහන දෙසීයක් අතරින් මේ වන විට රජයට භාරදී ඇත්තේ වාහන විස්සක් පමණක් බවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ රහසිගත බුද්ධි විමර්ශන ඒකකය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේය.

නඩුව කැඳවූ අවස්ථාවේදී රහසිගත බුද්ධි ඒකකය අත්අඩංගුවට ගන්නා ලද රුපියල් කෝටි හයකට අධික වටිනාකමින් යුත් මිට්ෂුබිසි වර්ගයේ ජීප් රථයක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව ද එම රථය හොර රහසේ මෙරටට ආනයනය කළ සුඛෝපභෝගි ජීප් රථ දෙසීය අතරින් සොයා ගත් විසි වැනි ජීප් රථය බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම ජීප් රථය එච්.එල්.කේ පරකැටැල්ල නමැති පුද්ගලයා සතුව තිබී අත්අඩංගුවට ගත් බවත් අදාළ ජීප් රථය වහා රජයට භාර දෙන ලෙසට සැප්තැම්බර් මස 18 වැනිදා අධිකරණය මඟින් නියෝග කර තිබුණ ද රථ හිමියා අදාළ රථය සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

රථ හිමියාට අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව ඔහු සතුව තිබූ රථය අත්අඩංගුවට ගත් බව ද කියැවිණි.
සුඛෝපභෝගි ජීප් රථ හා වාහන ශ්‍රී ලංකා රේගුවට ව්‍යාජ තොරතුරු ලබාදෙමින් 2015න් පසු ආනයනය කර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කරමින් 2005ට පෙර ආනයනය කළ සාමාන්‍ය රථ වාහන ලෙස ලියාපදිංචි කර ඇති බවත් එසේ ලියාපදිංචි කර ඇති බව මේ වන විට හෙළි වී තිබේ. එසේ මෙරටට ආනයනය කර ඇති සුඛෝපභෝගි වාහන දෙසීයක් (200) අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසම මඟින් විමර්ශන සිදු කරනු ලබයි.

එම වාහන වහාම රජයට භාර දෙන ලෙසට මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නිකුත් කළ නියෝග ප්‍රකාරව මෙම සුඛෝපභෝගි ජීප් රථය ඊයේ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබිණි.
කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එසේ හොර පාරෙන් රැගෙන ආ මෝටර් රථ අත්අඩංගුවට ගැනීම මෙන්ම ඒ තුළින් රජයට විශාල වශයෙන් බදු වංචා කළ සැකකරුවන් ද වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම කොමිසම සතු වගකීම බව පෙන්වා දෙමින් ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඉන්දීය විදේශ ඇමති හෙට දිවයිනට
Next Article ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය ගැනීමට ඉන්දියාවට රටවල් රැසක සහය
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.