Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»සිංහ කෙල්ලන් පරදා පලමු සටනේ ජය පාකිස්තානයට
Sports

සිංහ කෙල්ලන් පරදා පලමු සටනේ ජය පාකිස්තානයට

kumudikaBy kumudikaOctober 4, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඊයේ රාත්‍රියේ සාජා පිටියේදී ඇරඹි කාන්තා විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 31කින් පරාජය කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වූහ.

‘ඒ’ කාණ්ඩය යටතේ පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන පිල ලකුණු 116ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලට ඕවර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 85ක් පමණි.

පිළිතුරු ඉනිමේ තෙවැනි ඕවරයේදීම ශ්‍රී ලංකා පිලට අභියෝග කළ පාකිස්තාන නායිකා ෆාතිමා සානා, ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ලකුණු 6කට සීමා කරමින් යළි ක්‍රීඩාගාරයට යැවුවාය. හර්ෂිතා සමරවික්‍රම (7) සහ හසිනි පෙරේරා (8) ඔමයිමා සොහයිල් එවූ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුත්, කවිෂා දිල්හාරි (3) සාදියා ඉක්බාල් හමුවේත් අඩු ලකුණු ගණනකට දැවී ගිය අතර, විශ්මි ගුණරත්න ලකුණු 20ක් රැස් කිරීමෙන් අනතුරුව 5 වැනි කඩුල්ල ලෙස දැවී ගියාය. ඒ වන විට මුළු ලකුණු සංඛ්‍යාව 52ක් විය.
ජයග්‍රහණ ශ්‍රී ලංකා පිලෙන් ගිලිහී යන විට නිලක්ෂි ද සිල්වා පන්දු 25කින් ලකුණු 22ක් රැස් කරමින් සටනක් දීමට උත්සාහ කළද ඇය සමඟින් කඩුලු 3ක් ලකුණු 2ක් තුළ බිඳ වැටීමෙන් පාකිස්තාන ජය තහවුරු විය.

පන්දු යැවීමේදී සාදියා ඉක්බාල් කඩුලු 3ක්, ෆාතිමා සානා, නෂ්රා සන්ධු සහ ඔමයිමා සොහයිල් කඩුලු 2 බැගින් බිඳ දැමූහ. සානා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තාය.

පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන ඉනිම ලකුණු 100 සීමාවෙන් එපිටට ගෙන යෑමට නායිකා ෆාතිමා සානා සමත් වූයේ පන්දු 20කින් ලකුණු 30ක් රැස් කරමිනි. හතරේ පහර 3ක සහ හයේ පහරක් ඇය ඉනිමට එක් කළ අතර, නීඩා ඩාර් පන්දු 22කින් ලකුණු 23ක් රැස් කළාය. පන්දු යැවීමේදී චමරි අතපත්තු, සුගන්දිකා කුමාරි සහ උදේශිකා ප්‍රබෝධනී කඩුලු 3 බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකා පිල සහභාගී වන දෙවැනි තරගය හෙට (5) ඔස්ට්‍රේලියාවට එරෙහිව සාජා පිටියේදීම පැවැත්වේ.

පාකිස්තාන කාන්තා පිල – 116 (ඕවර 20) ෆාතිමා සානා 30, නීඩා ඩාර් 23, ඔමයිමා සොහයිල් 18 (චමරි අතපත්තු 18/3, සුගන්දිකා කුමාරි 19/3, උදේශිකා ප්‍රබෝධනී 20/3)

ශ්‍රී ලංකා කාන්තා පිල – 85/9 (ඕවර 20) නිලක්ෂි ද සිල්වා 22, විශ්මි ගුණරත්න 20 (සාදියා ඉක්බාල් 17/3, ෆාතිමා සානා 10/2, නෂ්රා සන්ධු 15/2, ඔමයිමා සොහයිල් 17/2)

Asia Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදරුවන්ට මුඛ ආවරණ පළඳන්න – සෞඛ්‍ය අංශයෙන් දැනුම් දීමක්
Next Article එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් ලක් රජයේ දූෂණ විරෝධී සටනට පැසසුම්
kumudika

Related Posts

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.