Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජනාධිපති සමාව සල්ලි වලට අරන් – සිරකරුවන් සුරැකීමේ සංවිධානය කියයි

June 10, 2025

රජයේ ආදායම් කැපී පෙනෙන ලෙස ඉහලට

June 10, 2025

පොසොන් පුන් පොහොය අදයි

June 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් ලක් රජයේ දූෂණ විරෝධී සටනට පැසසුම්
Sri Lankan news

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් ලක් රජයේ දූෂණ විරෝධී සටනට පැසසුම්

kumudikaBy kumudikaOctober 4, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකා නව රජයේ ප්‍රයත්නයන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඇගයීමකට ලක් කර ඇත.

එහි නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) ඊයේ (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවූ අවස්ථාවේදී මේ බව සඳහන් කලාය.

එහිදී ශ්‍රි ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට කරගෙන යාම සහ ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අතර ඉදිරි සහායෝගීතා වැඩපිළිවෙළ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ශ්‍රී ලංකාවේ නව සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් සිය සහාය ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ඇති උනන්දුව පිළිබඳව ද ඇය ජනාධිපති ලේකම්වරයා දැනුවත් කර තිබේ.

රාජ්‍ය සේවයේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව සහතික කිරීම සඳහා කඩිනමින් ඩිජිටල්කරණයට යොමුවීමේ වැදගත්කම එහිදී අසූසා කුබෝටා විසින් පෙන්වා දුන් බව සඳහන් වේ.

මෙම ප්‍රතිසංස්කරණ මනාව ක්‍රියාත්මක කිරීම සඳහා ඩිජිටල්කරණය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීමේ අවශ්‍යතාවය ද ඇය පැහැදිලි කර දී ඇත.

මෙරට ඩිජිටල්කරණ මුලපිරීම් ඉදිරියට ගෙන යාමට සහ ඩිජිටල්කරණයට අනුවර්තනය වීමට අවශ්‍ය නිපුණතාවලින් සහ දැනුමෙන් රාජ්‍ය නිලධාරීන් සන්නද්ධ කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය ලබාදිමට සූදානම් බව අසූසා කුබෝටා වැඩිදුරටත් ප්‍රකාශ කලාය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසිංහ කෙල්ලන් පරදා පලමු සටනේ ජය පාකිස්තානයට
Next Article ඩුබායි බස් මගීන්ට නිවැරදි බස් වේලාවන් දැන ගැනීමට නව තොරතුරු පද්ධතියක්
kumudika

Related Posts

ජනාධිපති සමාව සල්ලි වලට අරන් – සිරකරුවන් සුරැකීමේ සංවිධානය කියයි

June 10, 2025

රජයේ ආදායම් කැපී පෙනෙන ලෙස ඉහලට

June 10, 2025

පොසොන් පුන් පොහොය අදයි

June 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.