මෙරට රුපියල ශක්තිමත් වීම සඳහා රටට පසුගිය මාස කිහිපයේ ලැබුණු විදේශ විනිමය හේතු වී ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.

විදේශ ප්‍රේෂන සහ සංචාරක ආදායම ඉහළ යාම රුපියල ශක්තිමත් වීම සඳහා වැඩි වශයෙන් බලපා ඇති බව ඔහු සඳහන් කලේය.
මේ වන විට රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය වැඩිවී තිබේ.

රටින් බැහැර වන ඩොලර් ප්‍රමාණය යම් ආකාරයකට සීමා වී ඇති අතර එය ඉතා සුබවාදී තත්වයක් බව ඔහු සඳහන් කරයි.
රුපියලේ අගය දිගින් දිගටම ශක්තිමත් වීමක් සිදුවිය යුතු නැති බවත් එලෙස දිගින් දිගටම රුපියල ශක්තිමත් වීම හරහා මෙරට අපනයන කරුවන්ට බාධා විය හැකි බවත් මහාචාර්ය අතුකෝරල මහතා සඳහන් කරයි.

රුපියල ශක්තිමත් වීම හරහා ආනයන කරුවන්ට වැඩි වාසි හිමි වේ. ඒ හේතුවෙන් සිදුවිය යුත්තේ රුපියල දිගින් දිගටම ශක්තිමත් වීමට වඩා ස්ථාවර අගයක පැවතීම බව වැඩිදුරටත් ඔහු පැවසීය.

Share.

Comments are closed.

Exit mobile version