එළඹෙන ජනවාරි මාසයේ සිට මෙරටට වාහන ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ රජය පාර්ශවයෙන් මේ පිළිබඳව යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවයි.

වාහන යළි ගෙන්වීමේදී බදු විශාල වශයෙන් වැඩි කිරීම සම්බන්ධයෙන් පැතිර යන කටකතා අසත්‍ය බවත් සංගමය එම සභාපති ඉන්දික සම්පත් මෙරන්චිගේ මහතා පැවසුවේය.

වාහන ගෙන්වීම සඳහා 600%ක බද්දක් පනවනු ඇති බවට කටකතා පැතිර ගියත් එසේ බදු පනවා වාහන ගෙන්වුවහොත් කිසිවකු වාහන මිලට නොගනු ඇති බවත් ඔහු පැවසීය.

වාහන අලෙවි මධ්‍යස්ථාන හිමියන් මෙවන් කටකතා මවා ජනතාව රවටමින් දැනට ඉදිරි තොග විකුණා ගැනීමට උත්සාහ දරන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

වාහන ආනයනය කිරීමෙන් පසුව දැනට අසාමාන්‍ය ඉහළ අගයක පවතින වාහන සාමාන්‍ය මිලකට පහත වැටෙනු ඇති බව ඔහු තවදුරටත් කියා සිටියේය.

Share.

Comments are closed.

Exit mobile version