ඩුබායි Fitness Challenge 2024 ඔක්තෝබර් 26 සෙනසුරාදා සිට නොවැම්බර් 24 ඉරිදා දක්වා ක්‍රියාත්මක වේ. දින 30ක සෞඛ්‍ය සහ යෝග්‍යතා වැඩසටහනක් වන මෙය හරහා ඩුබායි නගරය ලෝකයේ වඩාත්ම ක්‍රියාකාරී නගරවලින් එකක් බවට පත් කිරීම අරමුණු කරයි. දින 30ක් පුරා සෑම දිනකම මිනිත්තු 30ක ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වීමට සහභාගිවන්නන් දිරිමත් කරන අතර මේ සඳහා ලියාපදිංචිය දැන් විවෘතව තිබෙනවා.

www.dubaifitnesschallenge.com නිල ඩුබායි වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලියාපදිංචිය සිදු කල හැකිය.
ලියාපදිංචි වීමෙන් අනතුරුව සහභාගීවන්නන් ස්වයංක්‍රීය දිනුම් ඇදීමකට ඇතුලත් කෙරේ. එම දිනුම් ඇදීමෙන් ජයග්‍රහණය කරන සහභාගිවන්නන් දෙදෙනෙකු සඳහා නොමිලේ එමිරේට්ස් ගුවන් ගමන් සහ ඩුබායිහි හෝටල් නවාතැන් ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ.

Share.

Comments are closed.

Exit mobile version