ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංගට මාතලේ මහාධිකරණය විසින් අද වරෙන්තු නිකුත් කලේය.

ඒ තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට එම අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.

‘ලෙජන්ඩ්ස් ලීග්’ තරගාවලියේ මුදලට තරග පාවාදීමට බලපෑම් කලේ යයි උපුල් තරංග මහතා විසින් කළ පැමිණිල්ලක් අනුව මෙම නීති කෘත්‍ය ක‍්‍රියාත්මකයි.

අධිකරණයට දැනුම් නොදී විදෙස් ගතවීම හේතුවෙන් ඔහු ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගන්නැයිද නියෝග කර ඇත.

Share.

Comments are closed.

Exit mobile version