කොන්ත්‍රාත් පදනම මත සේවය කරනු ලබන ජේ.එම්. ගුණසිරි මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජනරාල් ලෙස යූ.ඩී.එන් ජයවීර මහතා පත් කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබූ බව සඳහන් වේ.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩබැලීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් එම්.එස්.පී සූරියප්පෙරුම මහත්මිය පත් කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව සඳහන්ය.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුර පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා සිට පුරප්පාඩු වූ අතර ඒ අනුව අදාළ පත්කිරීම සිදු කර ඇත. එම්.එස්.පී සූරියප්පෙරුම මහත්මිය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියකි.

Share.

Comments are closed.

Exit mobile version