ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා මහතා අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කලේය. මියයන විට ඔහු 86 වන වියේ පසුවිය.

වසර 20 කට වැඩි කාලයක් සභාපති ලෙස Tata සමූහ ව්‍යාපාරය පවත්වාගෙන ගිය රතන් ටාටා මහතා ඉකුත් සඳුදා සිට මුම්බායි රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.

Tata Sons හි හිටපු සභාපති රතන් ටාටා අභාවප්‍රාප්ත වූ බව ඊයේ (0 බදාදා දින නිවේදනයක් නිකුත් කරමින් Tata සමූහය නිවේදනය කර තිබේ.
ඔහු වසර 20කට වැඩි කාලයක් Tata සමූහ ව්‍යාපාරයෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළේය. රතන් ටාටාව හැදින්වෙන්නේ ඉන්දීය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ලෙජන්ඩ්වරයෙක් ලෙසිනි.

ඔහුගේ රෝහල් ගතවීම සාමාන්‍ය පරීක්‍ෂණයක කොටසක් බව Tata මෑතකදී මහජනතාවට සහතික කළද, ඔහුගේ සෞඛ්‍යය පිරිහී ගොස්, ඔහු දැඩි සත්කාර ඒකකයට ගෙන යන ලද බව ද ආරංචි මාර්ග පවසයි.

Share.

Comments are closed.

Exit mobile version