2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැති තරගය ඉන්දීය කාන්තා කණ්ඩායම ලකුණු 82කින් ජය ගත්හ.

මෙම පරාජයත් සමගින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමි විය.

ඩුබායිහිදි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3ක් දැවී ලකුණු 172ක් රැස් කලෝය.

ලකුණු 173ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 90ක් පමණි.

Share.

Comments are closed.

Exit mobile version