ඇඟලුම් කම්හල් වල ඇණවුම් ඉහලට

මෙරට ඇගලු‍ම් කර්මාන්තශාලා වෙත ලැබෙන ඇණවුම් ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.
ඒකාබද්ධ ඇගලු‍ම් සංගම් සංසදයේ උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා කියා සිටියේ බංග්ලාදේශයේ ඇතිවූ ගැටුම් සහ එරට පවතින දේශපාලන අස්ථාවරත්වය මෙරටට ලැබෙන ඇගලු‍ම් ඇණවුම් ඉහළ යාමට හේතු වී ඇති බවට විශ්වාස කරන බවයි.

මෙම වසරේ මේ දක්වා අපනයනයන්ගෙන් 42% ඇඟලු‍ම් අපනයනයන් වන අතර, පසුගිය වසරේ මෙරට සමස්ත අපනයන්ගෙන් 42% ක්ම ඇගලු‍ම් අපනයනයන් වු බව වාර්තා වේ.

එමෙන්ම මෙම වසරේ මුල් මාස 8 තුළදී ඇගලු‍ම් අපනයනය කිරීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.6 ක් උපයා ඇති අතර, පසුගිය වසරේ එම කාලය තුල උපයා තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 3.2 කි.

කෙසේ වෙතත් මෙලෙස ඇණවුම් ඉහල යාමත් සමග ඇගලු‍ම් අපනයන ආදායම තවදුරටත් ඉහල යාම කෙරෙහි යහපත් අන්දමින් බලපානු ඇති බව ඒකාබද්ධ ඇගලු‍ම් සංගම් සංසදයේ උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු සදහන් කලේය.

Share.

Comments are closed.

Exit mobile version