පවතින යුධමය තත්ත්වය හේතුවෙන් ලෙබනනයේ සිටින ලියාපදිංචි නොවූ ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අතිරේක සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා පැවසීය.

කිසියම් හදිසි තත්ත්වයක් මතුවුවහොත් ලියාපදිංචි වී සිටින ශ්‍රී ලාංකිකයින්ට ප්‍රමුඛස්ථානය හිමිවන බව ඔහු කියා සිටියි.
ලෙබනනය තුළ කිසිදු ලියාපදිංචියක් සිදු නොකර සිටින ලාංකිකයන් සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී එය යාවත්කාලීන නොකර සිටින කණ්ඩායම් ලෙස කොටස් දෙකක් සිටින බව පැවසීය.

එලෙස ලියාපදිංචි වීමසීම සඳහා මේ වන විට සහන කාලයක් ලබාදී තිබේ.

Share.

Comments are closed.

Exit mobile version