ශ්‍රී ලංකාවේ නිරත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) සිට ඉදිරි දින කිහිපයේ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, දිවයින ආශ්‍රීත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙනි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ට ඉතා වැඩි තද වැසි අපේක්ෂා කෙරේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව සඳහන් ය.
ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලේය.

Share.

Comments are closed.

Exit mobile version