කටුනායක ගුවන්තොටුපොළෙන් සෞදි අරාබියේ රියාද් නුවර බලා ඊයේ (10) පස්වරුවේ පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යළිත් ගොඩ බැස්සවීමට කටයුතු කර තිබේ.

එම යානයේ ඇති වූ බව කියන කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගොඩ බැස්සවීම සිදු කර ඇත.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 265 දරණ යානය ගමන ආරම්භ කර පැය එකයි විනාඩි 35කින් මෙලෙස ගොඩ බැස්සවීමට කටයුතු කර ඇති බව සඳහන් වේ.

මගීන් 215 දෙනෙකු පමණ රැගත් මෙම යානය ඊයේ සවස 06.15ට රියාද් නුවර බලා ගමන් ආරම්භ කලේය. කෙසේ වෙතත් එය කාර්මික දෝෂකයකට ලක්වීම හේතුවෙන් යළිත් යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට එහි නියමුවා විසින් පියවර ගෙන ඇති බව සඳහන් වේ.

ඒ අනුව පස්වරු 07.50ට පමණ අදාළ යානය තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පියවර ගෙන ඇති බවයි එහි කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කර ඇත.

සෞදි අරාබියේ රියාද් නුවර වෙත කඩිනමින් යාමට අවශ්‍යතා ඇති ගුවන් මගීන් වෙනත් විකල්ප ගුවන් යානා මගින් පිටත් කර හැරීමට කටයුතු කළ බව සඳහන් වේ.

සෙසු ගුවන් මගීන් පිරිස තොටුපොළ අසළ හෝටල් වෙත යොමු කිරීමටයි පියවර ගනු ලැබුවේය.
කාර්මික දෝශයකට ලක් වූ ඒ.330 වර්ගයේ මෙම ගුවන් යානය මේ වනවිට අලුත්වැඩියා කටයුතු සදහා යොමු කර ඇති බවට ද තොරතුරු වාර්තා වේ.

Share.

Comments are closed.

Exit mobile version