Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE - Government»AI ප්‍රතිපත්තිය එමීර් රාජ්‍යයේ කැබිනට් මණ්ඩලය අනුමත කරයි
UAE - Government

AI ප්‍රතිපත්තිය එමීර් රාජ්‍යයේ කැබිනට් මණ්ඩලය අනුමත කරයි

kumudikaBy kumudikaOctober 11, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අග්‍රාමාත්‍ය සහ ඩුබායි හි පාලක ෂීක් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තුම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැබිනට් මණ්ඩලය ජාත්‍යන්තරව කෘතිම බුද්ධි (AI) ප්‍රතිපත්තිය පිළිබඳ රටේ නිල ස්ථාවරය අනුමත කර ඇත.

උසස් විද්‍යා හා තාක්ෂණ සහකාර විදේශ අමාත්‍යවරයාගේ කාර්යාලය සහ කෘතිම බුද්ධිය, ඩිජිටල් ආර්ථිකය සහ දුරස්ථ වැඩ යෙදුම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලය එක්ව සංවර්ධනය කරන ලද මෙම ප්‍රතිපත්තිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විස්තීර්ණ විදේශ ප්‍රතිපත්ති රාමුව තුළ උපායමාර්ගික පියවරක් නියෝජනය කරයි.

කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල් ආර්ථිකය සහ දුරස්ථ වැඩ යෙදුම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගරු Omar Sultan Al Olama, ගෝලීය AI පාලන රාමු සහ ජාත්‍යන්තර ප්‍රතිපත්ති සැකසීමේදී UAE රජය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව අවධාරණය කළේය.

මෙම ප්‍රතිපත්තිය AI හි එමීර් රාජ්‍යයේ ගෝලීය නායකත්වය ශක්තිමත් කිරීම සඳහා සකසා ඇති බවත්, තාක්‍ෂණික දියුණුව සමාජයේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සමඟ අත්වැල් බැඳගෙන යන බව සහතික කරන බවත් ඔහු පැවසීය.

මේ අතර, උසස් විද්‍යා හා තාක්ෂණ සහකාර විදේශ අමාත්‍ය ගරු Omran Sharaf පැවසුවේ, එවැනි ප්‍රතිපත්ති අනුගමනය කිරීම, AI සංවර්ධනය සහ භාවිතයේ ප්‍රමුඛයා ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තත්ත්වය ඉහළ නංවන අතර එහි උපායමාර්ගික හවුල්කරුවන් සමඟ විශ්වාසය වැඩි දියුණු කරන බවයි.

AI ප්‍රතිපත්තිය මූලික මූලධර්ම හයක් මත ගොඩනගා ඇත. දියුණුව, සහයෝගීතාව, ප්‍රජාව, ආචාර ධර්ම, තිරසාරභාවය සහ ආරක්ෂාව  යන මූලධර්ම ඊට ඇතුළත් වේ.

මීට අමතරව, ප්‍රතිපත්තිය මගින් ආර්ථික විවිධාංගීකරණය සහ නවෝත්පාදනය සඳහා AI භාවිතා කිරීමට උත්සාහ කරන අතරම, ඉහළ බලපෑමක් ඇති තාක්‍ෂණික විසඳුම් සංවර්ධනය කිරීම දිරිමත් කරයි.

Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleThe Ripe Market වෙලඳ සහ විනෝද ප්‍රදර්ශනය නැවතත්
Next Article QSAPEX ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ පලමු දැවැන්ත ගෝලීය සමුළුව ඩුබායිහිදී
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.