තේ දළු ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් ලොරි රථයේ රිය සහයකයා තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පවසයි.

කොළඹ කොටුව සිට ඇල්ල දක්වා ධාවනය වු 1007 විශේෂ මගි ප්‍රවාහන දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දක්වා ධාවනය කල අවස්තාවේ (14) දින පස්වරු 3.30ට පමණ හැටන් යුනිෆිල්ඩ් වත්තේ සිට එම වතුයායේ තේ කර්මාන්ත ශාලාව දක්වා තේ දළු ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයේ ගැටි තිබේ.

වංගුවක් සහිත එම ස්ථානයේ දුම්රිය ආරක්ෂක ගේට්ටුවක් සවි කර තිබුණද එම ගේට්ටුවේ මුරකරුවෙකු නොමැති නිසා ලොරි රථය දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කල අවස්තාවේ දුම්රිය ඉදිරියට ධාවනය වෙමින් තිබු බවත්, එම අවස්තාවේ ලොරි රථයට පිටුපසට ධාවනය කිරිමට උත්සහ කිරිමත් සමගම දුම්රිය ලොරි රථයේ වම්පස ගැටී මෙම අනතුර සිදුව ඇතැයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියි.

අනතුර සිදු වන අවස්තාවේ ලොරි රථයේ පිටුපස වතු කම්කරුවන් පස්දෙනෙකු ගමන් කර ඇති බවත්, අනතුරෙන් ලොරි රථයේ ඉදිරිපස ප්‍රදේශයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි හැටන් පොලිසිය කියා සිටියේය.

ලොරි රථය දුම්රියේ ගැටිමෙන් පසු ධාවනය වු දුම්රිය නතර කර දුම්රිය ආරක්ෂක අංශ නිලධාරින් විසින් තුවාලකරු රෝහල් ගත කර දුම්රිය ගමනාන්තය දක්වා ධාවනය කිරිමට පියවර ගැණින.

Share.

Comments are closed.

Exit mobile version