එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඕල්කට් පාසල් ආදී සිසුන් ඉදිරිපත් කරන විවෘත බැඩ්මින්ටන් තරඟාවලිය එළඹෙන නොවැම්බර් 9 වන දා පැවැත්වීමට නියමිතය. මෙම තරඟාවලිය දහවල් 1.00 සිට රාත්‍රිය දක්වා පැවැත් වේ.

පිරිමි සහ කාන්තා දෙඅංශයටම තරඟ කිරීම සඳහා මෙම ඉසව්ව විවෘතය. එමීර් රාජ්‍යය ජීවත් වන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට මෙම තරඟාවලියේ තරඟ කිරීමට හැකි වීම විශේෂත්වයකි. මෙහිදී ශ්‍රී ලංකාවට අනුබද්ධ එමීර් රාජ්‍යයේ පවතින ලාංකීය පාසල් ආදි සිසු සංගම්, ක්‍රීඩා සමාජ හා වෙනත් වෘත්තීය සංගම් වල සාමාජිකයන්ටද තරඟ සඳහා සහභාගී වීමට ඉඩප්‍රස්ථාව ලැබේ. යුගල හා ඒකල වශයෙන් තරඟ පැවැත්වෙන අතර එක් කණ්ඩායමකට අවම තරඟකරුවන් 4 ක් හා උපරිම තරඟකරුවන් 6 ක් ඇතුලත් විය යුතුය.

තරඟ ලියාපදිංචිය සඳහා පහත අංක වලට අමතා ඔබේ ලියාපදිංචිය තහවුරු කරන්න.

චමීර – 052 533 2728
චෙහාර – 055 864 3323
තිරාජ් – 054 586 5791

Share.

Comments are closed.

Exit mobile version