මයික්‍රොසොෆ්ට් සමාගම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයේ සේවකයින් 100,000ක් පුහුණු කිරීම සඳහා AI තාක්ෂණික වැඩසටහන ආරම්භ කර තිබේ.

2024- GITEX Global හිදී, Microsoft සමාගම විසින් AI ජාතික කුසලතා මුලපිරීම දියත් කරන බව නිවේදනය කලේය. මේ හරහා අබුඩාබි, ඩුබායි සහ සාජා හි 100,000 රාජ්‍ය සේවකයින්ගේ කුසලතා ඉහළ නැංවීම අරමුණු කර ගෙන ඇත.

පළාත් පාලන ආයතන සමඟ සහයෝගීව, වසරක පුහුණු වැඩසටහන මගින් AI නවෝත්පාදනයන් මෙහෙයවීමට සහ කෘතිම බුද්ධියේ ගෝලීය ප්‍රමුඛයා ලෙස එමීර් රාජ්‍යයේ භූමිකාව ශක්තිමත් කිරීමට සිවිල් සේවකයින් බල ගැන්වීම මෙහිදී සිදු වේ.

මෙම මුලපිරීම රජයේ නායකයින්, සංවර්ධකයින් සහ පෙරටුගාමී සේවකයින් සඳහා ගැලපෙන විශේෂිත පුහුණුවක් ලබා දෙයි. එමීර් රාජ්‍යයේ කෘත්‍රිම බුද්ධිය සඳහා වන ජාතික උපායමාර්ගය 2031 සඳහා සහාය වන අතර මහජන සේවාවන් හරහා ඩිජිටල් පරිවර්තනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරයි.

Share.

Comments are closed.

Exit mobile version