සවි එසවීමේ ලෝක ශූරතාවලියෙන් ලංකාවේ රුවන් පෝල් රන් පදක්කම් දිනයි

සවි එසැ­වීමේ ලෝක ශූර­තා­ව­ලි­යේදී ශ්‍රී ලංකා­වට රන් පද­ක්කම් 2ක් සහ රිදී පද­ක්ක­මක් හිමි කර ගැනීමට සවි එසැ­වීමේ ලෝක ශූර රුවන් පෝල් සමත් විය. මේ ජය­ග්‍ර­හ­ණ­යත් සමඟ සවි එසැ­වීමේ  ලෝක ශූර­තා­ව­ලි­යට සහ­භාගි වූ පළමු ශ්‍රී ලාංකි­කයා ලෙසත්, එම ශූර­තා­ව­ලි­යේදී රන් පද­ක්කම් දිනූ පළමු ශ්‍රී ලාංකි­කයා ලෙසත් රුවන් පෝල් ඉති­හා­ස­යට එක්විය.

ඔස්ට්‍රේ­ලි­යාවේ නිව්ස­වු­ත්වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නුවර ඩාර්ලින් හාබර් ප්‍රද­ර්ශන මධ්‍ය­ස්ථා­න­යේදී පසු­ගි­යදා නිමා­වට පත්වූ මේ ශූර­තා­ව­ලි­යේදී ඔහු කිලෝ­ග්‍රෑම් 120 බර පන්තියේ (Open Benches) විවෘත තර­ග­යේදී සහ  ප්‍රවී­ණ­යන්ගේ බර පන්තියේ තර­ග­යේදී (Master Class bench Press) රන් පද­ක්කම් දිනා ගැනී­මට සමත් වූ අතර, සමස්ත තර­ගා­ව­ලියේ එම බර පන්ති­යෙන් රිදී පද­ක්ක­ම­කට ද හිමි­කම් කීවේය. සවි එසැ­වීමේ ලෝක ශූර­තා­ව­ලි­යට ශ්‍රී ලංකාව නියෝ­ජ­නය කර­මින් සහ­භාගි වූ ඔහුගේ බිරිය ඔස්ට්‍රේ­ලියානු ජාතික ලීඩියා ද කාන්තා තරග අංශයේ කිලෝ­ග්‍රෑම් 100 බර පන්තියේ විවෘත Bench Press සහ ප්‍රවී­ණ­යන්ගේ බර පන්තියේ තර­ග­යෙන් (Master Class bench Press) රන් පද­ක්කම් දිනා ගැනී­මට සම­ත්වීම විශේ­ෂ­ත්ව­යකි.

ඇයද සමස්ත තර­ගා­ව­ලියේ එම බර පන්තියේ රිදී පද­ක්ක­මක් දිනා ගැනී­මට සමත් වූ අතර, ජාත්‍ය­න්තර තර­ගා­ව­ලි­ය­කදී ශ්‍රී ලංකාව නියෝ­ජ­නය කළ පළමු විදෙස් කාන්තා­වද වූවාය.

ලෝක සවි එසැ­වීමේ සම්මේ­ල­නය විසින් වාර්ෂි­කව පව­ත්වනු ලබන සවි එසැ­වීමේ ලෝක ශූර­තා­ව­ලි­යට මෙවර රට­වල් 30කට වැඩි ප්‍රමා­ණ­යක් නියෝ­ජ­නය කර­මින් ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් තරග වැදුණු අතර,  ලෝක සවි එසැ­වීමේ ශ්‍රී ලංකා සංග­මයේ නිර්මාතෘ සහ සභා­ප­ති­ව­රයා ද වන රුවන් පෝල් එම ශූර­තා­ව­ලි­යේදී ශ්‍රී ලංකාව නියෝ­ජ­නය කරනු ලැබුවේ පළ­මු­ව­ර­ටය. මීට පෙර පසු­ගිය වසරේ ඉතා­ලියේ පැවති සවි එසැ­වීමේ ලෝක ශූර­තා­ව­ලි­යේදී පළමු වරට ඔස්ට්‍රේ­ලි­යාව නියෝ­ජ­නය කළ රුවන් පෝල් විවෘත කාණ්ඩයේ ලෝක ශූරයා ලෙසත්, ප්‍රවී­ණ­යන්ගේ කාණ්ඩයේ ලෝක ශූරයා ලෙසත් ඔස්ට්‍රේ­ලි­යා­වට රන් පද­ක්කම් දෙකක් අත්ක­ර­දී­මට සමත් විය. ඒ අනුව සවි එසැ­වීමේ ලෝක ශූර­තා­ව­ලියේ රට­වල් දෙකක් නියෝ­ජ­නය කර­මින් විවෘත හා ප්‍රවී­ණ­යන්ගේ තරග ඉස­ව්ව­ලින් රන් පද­ක්කම් දිනූ එකම ක්‍රීඩ­කයා ලෙසත් ඔහු ඉති­හා­ස­යට එක්විය.

Share.

Comments are closed.

Exit mobile version