ලෝක සංගීත ක්ශේත්‍රයට අදාළව පිරිනැමෙන ඉහළම සම්මාන උළෙල වන ග්‍රැමී සම්මාන උළෙල සඳහා මෙවර ශ්‍රී ලාංකීය ගායිකාවක් වන Yohani Diloka De Silva ගේ “කෙල්ල” ගීත ඇල්බමය තේරි පත්ව ඇත.

67 වැනි වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙලේ හොඳම ගෝලීය සංගීත ඇල්බමය සඳහා වන කාණ්ඩයට සලකා බැලීම සඳහා මෙය තේරී පත්ව තිබෙන බව සඳහන් වේ.

‘කෙල්ල’ ගීත ඇල්බමය යොහානිගේ ගීත 14ක් අන්තර්ගතයි එය ශබ්දාගාර පටිගතකිරීම් යටතේ නිකුත් කල ඇයගේ පළමු ඇල්බමය වීම විශේෂත්වයකි.

යොහානි මේ වන විට ජාත්‍යන්තර මට්ටමින් කතාබහට ලක්ව ඇති ශ්‍රී ලාංකිය ගායිකාවකි.
ඇය විසින් මීට වසර කිහිපයකට ඉහතදී නිකුත් කරන ලද මැණිකේ මගේ හිතේ ගීතයේ cover version එක සමග තවත් ජනප්‍රිය විය.
බොලිවුඩයේ මේ වන විට සිටින ප්‍රවීනතම නලුවා වන Amitabh Bachchan ද ඇගේ ගිතය ඇගයීමට ලක් කලේය.

Share.

Comments are closed.

Exit mobile version