Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»කොදෙව්වන් පරදා සිංහයින් විශිෂ්ට ජයක් අත් කර ගනී
Sri Lankan news

කොදෙව්වන් පරදා සිංහයින් විශිෂ්ට ජයක් අත් කර ගනී

kumudikaBy kumudikaOctober 18, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති විස්සයි විස්ස තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (17) සමත් වූහ.

ඒ දෙරට අතර පැවැති තෙවන සහ අවසන් තරගය කඩුලු 09කින් ජයගැනීමත් සමඟය.
තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 162 කි.

එහිදී නායක රොමෙන් පවෙල් ලකුණු 37ක් ඝඩාක්ෂ් මෝටි ලකුණු 32ක් සහ බ්‍රැන්ඩන් කිංග් ලකුණු 23ක් ලබාගත්තේය.
පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග කඩුලු දෙක බැගින් දවාගැනීමටයි සමත් වූහ.

අනතුරුව ලකුණු 163ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කලේය.

එහිදී කුසල් මෙන්ඩි නොදැවී ලකුණු 68ක් සහ කුසල් පෙරේරා නොදැවි ලකුණු 55ක් රැස්කරගත්හ.
පැතුම් නිස්සංක ලබාගත් ලකුණු සංඛ්‍යාව 39 කි. පන්දුයැවීමේදී ඝඩාක්ෂ් මෝටි එක් කඩුල්ලක් බිඳ හෙලීය.

තරගයේ වීරයා ලෙස කුසල් මෙන්ඩිස් සම්මාන දිනාගත් අතර තරගාවලියේ වීරයා ලෙස පැතුම් නිස්සංක සම්මාන දිනාගත්තෙය.
ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ජයගත් පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මෙය වීම විශේෂත්වයකි.

ඒ අනුව ජගත් ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලත් සියලු කණ්ඩායම්වලට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරගාවලියක් ජයගැනීමට සමත් වී තිබේ.
කෙසේ වෙතත් මේ දක්වා අයර්ලන්තය සමඟ කිසිදු විස්සයි විස්ස තරගාවලියක් පවත්වා නැහැ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleහමාස් නායකයා ඊශ්‍රායල් ප්‍රහාරයකින් මරුට
Next Article ශ්‍රී ලංකන් ගුවන් නියමුවෙක් හා නියමුවරියක් ගුවනේදී ගැටුමක
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.