ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ නිවස දෙසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කලේය.

හමාස් නායක යාහියා සින්වාර් ඝාතනය කර පැය කිහිපයකට පසු සෙනසුරාදා (19) ඊශ්‍රායලයේ සිසේරියා හි පිහිටි ඊශ්‍රායල අගමැතිවරයා‌ගේ පෞද්ගලික නිවස දෙසට මෙසේ ප්‍රහාර එල්ල වී තිබේ.

ලෙබනන් ප්‍රහාර වලින් මෙලෙස නෙතන්යාහුගේ නිවස විනාශ වී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

“අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ එම ස්ථානයේ නොසිටි අතර, සිද්ධියෙන් කිසිදු තුවාලයක් සිදුවී නොමැත” යනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කර ඇත.

නෙතන්යාහු, සිසේරියා සහ ජෙරුසලමේ පෞද්ගලික නිවාස දෙකක් භාවිතා කරන අතර දැනට ප්‍රතිසංස්කරණය වෙමින් පවතින ජෙරුසලමේ අගමැතිගේ නිල නිවස වන Beit Aghion හි මෙම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ කාලය ගත කර ඇතැයි ද සදහන් වේ.

කෙසේ නමුත් ප්‍රහාර එල්ල වූ මෙම ගොඩනැගිල්ල අග්‍රාමාත්‍යවරයාගේ නිවසේ කොටසක්ද යන්න හෝ හානියේ ප්‍රමාණය ඊශ්‍රායල රජය මෙතෙක් ප්‍රකාශ කර නොමැත.

Share.

Comments are closed.

Exit mobile version