Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Business»ජෝල් කීල්ස් සමාගමෙන් Cinnamon Life at City Of Dreams Sri Lanka නමින් සුඛෝපභෝගී හෝටල් පහසුකමක්
Business

ජෝල් කීල්ස් සමාගමෙන් Cinnamon Life at City Of Dreams Sri Lanka නමින් සුඛෝපභෝගී හෝටල් පහසුකමක්

kumudikaBy kumudikaOctober 21, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජෝන් කීල්ස් සමාගම විසින් ඩොලර් බිලියන 1.2කට වැඩි මුදලක් ආයෝජනය කරමින් ඉදි කරන ලද Cinnamon Life at City of Dreams Sri Lanka සුඛෝපභෝගී හෝටල් පහසුකම 2024 ඔක්තෝබර් 15 වන දින එළිදැක්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත. ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම හා බලාපොරොත්තු සහගතම ආයෝජනය ලෙස සඳහන් කළ හැකි මෙම හෝටල් පහසුකම ව්‍යාපාර, විවේකය මෙන්ම විනෝදාස්වාදය සඳහා දකුණු ආසියාවේ වඩාත් සුවිශේෂීම සංචාරක ගමනාන්තය ලෙස මෙරට සංචාරක කර්මාන්තයට නවමු අරුතක් එක් කරනු ඇත.

කාමර 687කින් සමන්විත Cinnamon Life හි බෝල් රූම්, උත්සව ශාලා හා සම්මන්ත්‍රණ පහසුකම් තුළින් අමුත්තන් 5,000කට අධික ප්‍රමාණයකට පහසුවෙන් සේවාවන් සලසා ගැනීමේ හැකියාව සලසා දී තිබීමද විශේෂත්වයකි. නවීන පහසුකම් සමඟින් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ හා මහා පරිමාණ උත්සව සංවිධානය කිරීමේ අවස්ථාව උදාකර දෙන Cinnamon Life ගෝලීය රැස්වීම්, දිරිගැන්වීම්, සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන (MICE) සංචාරයන් සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් බවට පත් වනු ඇත.

Cinnamon Life වෙත සපැමිණෙන සියලු අමුත්තන් හට ප්‍රණීත ආහාර පානයන්ගෙන් සංග්‍රහ කිරීම වෙනුවෙන් සූපවේදීන් 250ක් සමඟින් 1,500කට අධික වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් කැපවී කටයුතු කරයි. එහි ප්‍රංශ බිස්ට්‍රෝ සිට ඇමරිකානු ග්‍රිල් දක්වා වූ විවිධ ආහාර රසයන් භුක්ති විඳීමට මෙන්ම විවිධ වයින් වර්ග ඇතුළු ෂැම්පේන් හා කොක්ටේල්වලින් සමන්විත සුවිශේෂී වයින් බාර් එකක් ඇත. මීට අමතරව ඉදිරියේදී හෝටලය වෙත පැමිණෙන අමුත්තන්ට තවත් ප්‍රණීත සූප ශාස්ත්‍ර අත්දැකීම් රැසක් ලබා දීමටද Cinnamon Life සූදානමින් සිටියි. හෝටල් පරිශ්‍රය තුළ ඇති සිත් ඇද ගන්නා අවකාශයන් හි සුන්දරත්වය හා අලංකාර සැකසුම ගමනාන්ත මංගල උත්සව හා වෙනත් විශේෂ උත්සව සඳහා සුවිශේෂී විවිධත්වයක් මෙන්ම විචිත්‍රත්වයක් ලබා දේ.

Asia Colombo Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසෞදි අරාබියේ සිටි අනවසර සංක්‍රමණිකයන් 22,000 ක් අත් අඩංගුවට
Next Article ඩුබායි Al Qudra මාර්ග සහ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ප්‍රධාන සැලැස්ම අනුමත වේ
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.