ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කර සිටියේ එම ප්‍රදේශවලට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ලද තොරතුරු මත මෙම ආරක්ෂක විධි විධාන ක්‍රියාත්මක කරන බවයි.

ආරුගම්බේ ප්‍රදේශයට ඊශ්‍රායල ජාතිකයන් වැඩි වශයෙන් විනෝදාස්වාදය සඳහා පැමිණෙන බවත් ඔවුන් වෙනුවෙන් ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් ද ස්ථානය කර ඇති බවත් පොලිසිය මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඔවුනට යම් අනතුරක් වනු ඇති බවට තොරතුරු ලැබී ඇති බවද ඔහු සඳහන් කළේය.

Share.

Comments are closed.

Exit mobile version