බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 05කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.
ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පන්දුවාර 36ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 189 කි.

එහිදී ෂර්ෆන් රදෆෝඩ් ලකුණු 80ක් සහ ගාඩ්ක්ෂ් මෝටි ලකුණු 50ක් ලබා ගත්හ.
පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 04ක්, අසිත ප්‍රනාන්දු සහ මහීෂ් තීක්ෂණ කඩුලු 03 බැගින් දවා ගැනීමට සමත් වූහ.

අනතුරුව ලකුණු 190ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 38.2ක් තුළ කඩුලු 5 ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කලෝය.

එහිදී චරිත් අසලංක නොදැවි ලකුණු 62ක්, සධීර සමරවික්‍රම සහ නිශාන් මධූෂ්ක ලකුණු 38 බැගින් රැස්කරගැනීමට සමත් විය.

පන්දුයැවීමේදී අල්සාරි ජෝශප් කඩුලු 02ක් බිඳ හෙලීය. ඒ අනුව ශ්‍රී ලංකාව මෙම තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදී ජයගැනීමට සමත් වූහ.

දෙරට අතර පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරගය ලබන 26 වැනිදා මහනුවරදී ආරම්භ වීමට නියමිතය.

Share.

Comments are closed.

Exit mobile version