ඩුබායි මෙට්‍රෝ මෙහෙයුම් උදෑසන කාර්යබහුල වේලාවේ ප්‍රමාදයක් ඇති වූ අතර තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් එම ප්‍රමාදය සිදු විය. එය පිලිසකර කිරීමෙන් පසු සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) අද (24) ප්‍රකාශ කළේය.

මීට පෙර, පෙරවරු 9.40 ට පමණ, Center Point දෙසට සහ Equiti සහ Max දුම්රිය ස්ථාන අතර ප්‍රදේශය තුළ යම් සේවා බාධාවක් පිළිබඳව RTA විසින් මගීන්ට දැනුම් දුන්නේය.

මෙම සිදුවීමෙන් කරදරයට පත් දුම්රිය ස්ථාන අතර මගීන්ට විකල්ප බස් සේවාවක් ලබා දී ඇත.
ප්‍රමාදයන් වාර්තා වී මිනිත්තු 20 කට පමණ පසු ගැටළුව විසඳා සේවා යථා තත්ත්වයට පත් කිරීමට RTA සමත් විය.

Share.

Comments are closed.

Exit mobile version