තවමත් නිල නිවාස භාර නොදුන් හිටපු අමාත්‍යවරුන් දාහතර දෙනකු සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නැවත සිහිකැඳවීම් නිකුත් කර තිබේ.

මෙම මස 30 වැනිදා වන විට නිල නිවාසවලින් ඉවත් වන ලෙස දන්වමින් මෙම සිහිකැඳවීම් ලිපි නිකුත් කර ඇත. නිල නිවාසවල විදුලිය ජලය ඇතුළු සියලු උපයෝගිතා බිල්පත් පියවන ලෙස ද මෙම සිහිකැඳවීමෙන් දැනුම් දී ඇති අතර ගෙවීම් නිසි පරිදි සිදු කර ඇති බවට තහවුරු කර ගැනීමෙන් පමණක් නිල නිවාස නැවත භාර ගන්නා බව දැනුම් දී තිබේ.

Share.

Comments are closed.

Exit mobile version