ගාසා තීරයේ සටන් විරාමයක් සම්බන්ධයෙන් නව සාකච්ඡා වටයක් පැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වී තිබේ. ඒ,  අමෙරිකාවේ සහ කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙනි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අදාළ රටවල බලධාරීන්ගේ මැදිහත්වීමෙන් ලබන සතියේදී කටාර් රාජ්‍යයේ දෝහා හිදී සාකච්ඡා පැවැත්වෙනු ඇති බවයි.

අමෙරිකාවේ බුද්ධි ඒජන්සිය වන CIA හී අධ්‍යක්ෂ, විලියම් බර්න්ස් සහ ඊශ්‍රායලයේ බුද්ධි ඒකකය වන මොසාඩ්හි ප්‍රධානී ඩේවිඩ් බාර්නියා මෙම සාකච්ඡා සඳහා එක්වීමට නියමිත බව විදෙස් වාර්තාවල සදහන් ය.

මාස ගණනාවක සිට සිදු කෙරුණු සාම සාකච්ඡා පසුගිය අගෝස්තු මාසයේදී බිඳ වැටුණේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අදාල කොන්දේසි ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

මීට වසරකට පෙර ඇරඹුණු ගැටුම් හේතුවෙන් මේ වනවිට මියගොස් ඇති පලස්තීනුවන් සංඛ්‍යාව 43,500 කට අධිකය.

ඊශ්‍රායල – හමාස් ගැටුම් මේ වනවිට ලෙබනනය සහ ඉරානය දක්වාද ව්‍යාප්ත වී තිබේ.

Share.

Comments are closed.

Exit mobile version