ලොව සියලුම රටවල් ගෝලීය වශයෙන් බරපතළ අභියෝග රැසකට මුහුණ පා සිටින මේ මොහොතේ සාමය සඳහා ස්ථාවර බලවේගයක් ලෙස ගාසා තීරයට සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට බලපෑම් කළ යුතු බවත්, ලෙබනනයේ ගැටුම් වැළැක්වීමට පියවර ගත යුතු බවත් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ‘බ්‍රික්ස්‘ සමුළුවේදී ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රුසියාවේ කසාන් ප්‍රාන්තයේදී නිමාවට පත්වූ බ්‍රික්ස් දෙදින සමුළුවේදී චීන ජනාධිපතිවරයා බ්‍රික්ස් රටවල් සමූහය ගෝලීය ආරක්ෂාව ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතු බව ද සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා අඛණ්ඩව බලපෑම් කළ යුතු බව අවධාරණය කරමින් චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රකාශ කර ඇත්තේ පලස්තීනයේ සහ ලෙබනනයේ තව දුරටත් විනාශයක් සිදුවීමට ඉඩ නොතැබිය යුතු බවය.