ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් හි හෝටල් තුනකට විද්‍යුත් තැපෑලෙන් බෝම්බ තර්ජන අනතුරු ඇඟවීම් ලැබුණු බව ඉන්දීය පොලීසිය පවසයි.

ඒ අනුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර සැක කටයුතු කිසිවක් හමු වී නැත.මෙලෙස ව්‍යාජ තොරතුරු එවන පුද්ගලයන් සොයා වහාම නීතිය ක්‍රියාත්මක කරන බව ඔවුන් සඳහන් කරයි.

මේ අතර උදයිපූර් සිට දිල්ලිය දක්වා පියාසර කළ Indigo Airlines ගුවන් යානයකට බෝම්බ තර්ජනයක් එල්ල වූ බව වාර්තා වේ.

ආරක්ෂක මාර්ගෝපදේශ අනුගමනය කරමින්, ගුවන් ගත වීමට පෙර යානය හුදකලා කර, සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි අනුගමනය කර ඇති බව සඳහන්ය.

යානයේ සිටි සියලුම මගීන් ආරක්ෂිතව ගොඩබස්සවා ඇති අතර ආරක්ෂක පරීක්ෂාවන් ක්‍රියාත්මක කර තිබේ.

බලධාරීන් සමඟ කටයුතු කරමින් ආරක්ෂක පරීක්ෂාවන් අවසන් කිරීමෙන් පසු යානය නැවත පර්යන්තයේ ස්ථානගත කරනු ඇති බව Indigo Airlines හි නිල ප්‍රකාශකයෙක් පවසා ඇත.

Share.

Comments are closed.

Exit mobile version